මියන්මාර අත්අඩංගුවේ පසුවන මෙරට ධීවරයින්ට වසර 5ක සිරදඬුවමක්

February 17, 2024 - 5:03 PM
මියන්මාර මුහුදු සීමා උල්ලංඝණය කර ධීවර කටයුතුවල නිරතවීම ‍හේතුවෙන් ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට ධීවර යාත්‍රාවල නායකයින්ට මියන්මාර අධිකරණයක් මඟින් වසර 5ක සිරදඬුවමක් පනවා ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවේ පසුවන සෙසු ධීවරයින් 13 දෙනා සඳහා වසර 3 බැගින් වූ සිරදඬුවම් පැනවූ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එම ධීවරයින් පොදු සමාව යටතේ නිදහස් කර ගැනීමට අපේක්ෂා කරන අතර ධීවරයින් පිරිස යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
(lknews.lk)