විදුලි ගාස්තුවෙන් 50%ක් අඩු වෙන ලකුණු

January 05, 2024 - 9:39 AM
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී 18%කින් ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් 50%ක් පමණ හැකි ඉක්මනින් අඩු කරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ ඊයේ (04) පවසා තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ පසුගිය මාස තුන තුළ අඛන්ඩව වර්ෂාව ලැබුණු අතර ජල විදුලිය ජනනය කිරීමෙන් ලැබුණු ලාභය ජනතාවට ලැබිය යුතුය යන තීරණයේ ලංකා විදුලිබල මණ්ඩලය සිටින බවයි.

එසේම විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව මේ මස 15 වනදාට පෙර මහජන උපයෝගීතා කොමිසමට යොමු කරන බවයි ඔහු පැවසුවේ.
(lknews.lk)