මහල් නිවාසවල සියයට 50කට හිමිකම් ඔප්පු

January 08, 2024 - 11:05 AM
නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල පදිංචි වූවන්ගෙන් 50%කට මේ වසර අවසන් වීමට පෙර හිමිකම් ඔප්පු පිරිනැමීමට රජය තීරණය කර තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් සඳහන් කළේ, මෙම වසර අවසානයට පෙර තම අධිකාරිය සතුව ඇති මහල් නිවාසවල පදිංචි වූවන්ගෙන් 50%ක පිරිසකට හිමිකම් ඔප්පු ලබාදෙන බවයි.

නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල මේ වනවිට පුද්ගලයන් 14,542 දෙනෙකු පදිංචිව සිටින අතර, ඒ අනුව පළමු අදියර යටතේ ඉන් සියයට 50ක පිරිසකට හිමිකම් ඔප්පු ලබාදීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් අවධාරණය කර තිබුණේ තට්ටු නිවාස හිමියන්ට හිමිකම් ඔප්පු ලබාදීම කඩිනම් කරන බවයි.
(lknews.lk)