ගාසා තීරයේ රෝහලක සිදුවූ පිපිරීමකින් 500 දෙනෙක් පමණ මරුට

October 18, 2023 - 9:10 AM

හමාස් සටන්කාමී කණ්ඩායම විසින් පාලනය කරනු ලබන පලස්තීන භූමියක් වන ගාසා තීරයේ රෝහලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 500 දෙනෙකු මිය ගිය බව බලධාරීහු පවසනවා.

රෝහලට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ලවූ බව හමාස් සංවිධානය පවසන අතර එය යුද අපරාධයක් ලෙසයි හඳුන්වන්නේ.

පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් නම් තවත් කණ්ඩායමක් විසින් වැරදි ලෙස ප්‍රහාර එල්ල කරන ලද රොකට් ප්‍රහාරයකින් මෙම පිපිරීම සිදු වූ බව ඊශ්‍රායලය පවසන අතර දෙපාර්ශ්වයම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.
(lknews.lk)