පොහොර සහනාධාර මිලියන 57ක් ගෙවා අවසන්
October 29, 2024 - 4:14 PM
පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් මිලියන 57ක් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කර තිබෙනවා.
ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ සඳහන් කළේ හෙක්ටයාර් 1ක් සඳහා රුපියල් 15,000 බැගින් ඊයේ (28) බැංකු ගිණුම් වෙත එම මුදල් යොමු කළ බවයි.
මේ වන විට රුපියල් මිලියන 113ක මුදලක් මහ භාණ්ඩාගාරයෙන් ගොවීන්ට මහ කන්නයේ පොහොර සහනාධාරය වෙනුවෙන් ලබාදී තිබෙනවා.
දැනට වී වගා කටයුතු ආරම්භ කර ඇති දිස්ත්රික්ක කිහිපයක් සඳහා එම මුදල් ලබාදුන් බවත් ඉදිරියේදී වගා කටයුතු ආරම්භ කරන පිළිවෙල අනුව මුදල් නිකුත් කරන බවත් ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)