දින 15ට ඩෙංගු රෝගීන් 5892ක්

January 18, 2024 - 9:46 AM
මේ වසරේ ගත වූ දින 15 ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 5892 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඉන් 1956 දෙනෙකු බස්නාහිර පළාතෙන් හමුවී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 1228 ක් වාර්තා වී තිබුණා.

කොළඹ නගර සීමාවෙන් පමණක් රෝගීන් 390 ක් හදුනාගෙන ඇති අතර එය සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 6%යි දශම 6%ක ප්‍රතිශතයක්.

පසුගිය වසරේදී මෙරටින් ඩෙංගු රෝගීන් 86,232 දෙනෙකු වාර්තා වී තිබුණා.

ඩෙංගු රෝගය උත්සන්න වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ අධ්‍යාපන ලැබූ සිසුවියක ද පෙරේදා මියගියා.

එමෙන්ම කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් කොළඹ පුරහල අවට, බොරැල්ල, කුරුදුවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයක ඩෙංගු පරීක්ෂාවන් ඊයේ (17) සිදුකළා.
(lknews.lk)