විදුලිය බිඳ වැටීමෙන් කෝටි 600ක ආර්ථික හානියක්

December 10, 2023 - 4:31 PM
රටපුරා පැය 05ක පමණ අධික කාලයක් විදුලිය බිඳ වැටීමෙන් රුපියල් කෝටි 600 ක පමණ ආර්ථික හානියක් වූ බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මෙලෙස විදුලිය බිඳ වැටීම වළක්වා ගැනීමට මහජන උපයෝගිතා කොමිසම පසුගිය වසරේ (2022) සැප්තැම්බර් මස නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයෙන් කළ නිර්දේශ පැහැරහැරීම එයට හේතුව බවයි ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ.

එම නිර්දේශයන් ගැසට් පත්‍රය මඟින් විදුලිබල අමාත්‍යංශය සහ ලංකා විදුලිබල මණ්ඩලයට නිකුත් කළ බවත්, එම නිර්දේශ පැහැරහැරීම පිළිබඳව වර්තමාන විදුලිබල අමාත්‍යවරයා සහ විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා වගකිව යුතු බව ද සඳහන් කරනවා.

මෙවැනිම ආකාරයේ හදිසි විදුලිය බිඳ වැටීමකින් 2021 වසරේ දෙසැම්බර් මස 03 වැනිදා රුපියල් කෝටි 1500 ක පමණ ආර්ථික හානියක් වූ බවත් ඔහු විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
(lknews.lk)