මැතිවරණ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 60,000ක් යොදවයි

September 16, 2024 - 7:04 PM
ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි සහ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ මීට පෙර ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 54,000ක් යෙදවීමට තීරණය කර තිබුණද මේ වන විට එම පිරිස 6000කින් ඉහළ ගොස් තිබෙන බවයි.

මේ අතර මැතිවරණ රාජකාරි සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළු පිරිසක්ද යෙදවීමට නියමිතව තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


(lknews)