කෞතුක භාණ්ඩ 7157ක් අස්ථානගත වෙයි

June 10, 2024 - 12:32 PM
ක්‍රි.ව 1877 සිට ක්‍රි.ව 1957 දක්වා වසර අසූවක කාලය තුළදී කෞතුක භාණ්ඩ වර්ග 07කට අයත්  භාණ්ඩ 7157ක් අස්ථානගත වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

2022 වර්ෂයට අදාළව සිදුකරණු ලැබු කෞතුක භාණ්ඩ සමික්ෂණ වාර්තාවට අනුව මෙම කෞතුක භාණ්ඩ අස්ථානගත වී ඇති බව විගණනය මගින් අනාවරණය වී තිබෙනවා.

කෞතුක භාණ්ඩ භාරකාරිත්වය හා ආරක්ෂා කිරීම සම්බන්ධ ගැටළු, කෞතුක භාණ්ඩවලට අදාළ ලිපිගොනු විධිමත්ව  පවත්වා නොගැනීම ආදී දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පාලනයේ දුර්වලතා කෞතුක භාණ්ඩ අස්ථානගත වීමට හේතුවී ඇති බව විගණනයේ සඳහන්.

(lknews)