සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අනිද්දා වර්ජනයක

January 14, 2024 - 5:54 PM

සෞඛ්‍ය වෘත්තීය සමිති 72 අනිද්දා (16) දිනයේ ඒකාබද්ධ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට නියමිතව තිබෙනවා.

එය පෙරවරු 6.30 සිට වර්ජනය ක්‍රියාත්මක කරන අතර අදාළ බලධාරීන්ගේ ප්‍රතිචාර මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ.

වෛද්‍යවරුන්ට ලබා දීමට තීරණය කර ඇති දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලීම් කරමිනුයි වෘත්තීය සමිති එක්ව මෙම පියවර ගැනීමට තීරණය කර ඇත්තේ.
(lknews.lk)