අනතුරුදායක පාසල් ගොඩනැගිලි 74ක් ඇති බවට තොරතුරු

November 17, 2023 - 9:58 AM
අවම වශයෙන් මෙරට පාසල් 74ක් අනතුරුදායක ගොඩනැගිලි තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. 

පාර්ලිමේන්තුව අමතමින් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ මෙවැනි අබලන් ගොඩනැගිලිවලින් ළමුන් ඉවත් කරන ලෙස පාසල් බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි. 
 
ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරන තුරු දරුවන්ට විකල්ප විසඳුම් ලබා දෙන ලෙස පාසල් බලධාරීන්ට උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. 
 
එමෙන්ම කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් 2021 සහ 2022 වසරවල පාසල් සඳහා මුදල් වෙන් කර නොතිබූ බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ. 
 
අබලන් ගොඩනැගිලි හඳුනාගෙන සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස පාසල් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවා. 
 
ඔහු මේ බව කියා සිටියේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් 06 හැවිරිදි සිසුවියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින්.
(lknews.lk)