වහලයක් කඩා වැටී පුද්ගලයින් 79ක් ජීවිතක්ෂයකට

April 09, 2025 - 10:56 AM
ඩොමිනික් රාජ්‍යයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝහි රාත්‍රි සමාජ ශාලාවක වහලයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 79දෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන් තවත් පුද්ගලයින් 160දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

ආණ්ඩුකාරවරයෙක් සහ හිටපු බේස්බෝල් ක්‍රීඩකයෙක් ද මියගිය පිරිස අතර වන බව එරට මාධ්‍ය ප්‍රකාශ කළා.

වහලය කඩා වැටෙන අවස්ථාවේ එහි ගායනයේ යෙදී සිටි ප්‍රකට ගායකයෙක් සුන්බුන් අතර සිරවී සිටි බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේදී විශාල පිරිසක් එහි රැඳී සිට ඇති අතර සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා 400ක පිරිසක් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.


(lknews.lk)