වෙසක් උත්සවයට සැලසුම් කළ දන්සල් 8ක් අත්හිටුවයි
May 13, 2025 - 11:59 AM
වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වීමට තිබූ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ තවත් දන්සල් 17ක් නිසි උපදෙස්වලින් අනතුරුව පවත්වාගෙන යාමට අවසර ලබාදුන් බවයි.
එමෙන්ම වෙසක් පොහොය නිමිත්තෙන් ඊයේ දිනයේ දිවයින පුරා දන්සල් රැසක් සංවිධානය කර තිබූ අතර සියලු දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක් වී තිබුණා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ අද දිනයේත් පවත්වනු ලබන දන්සල් පරීක්ෂා කිරීමේ කටයුතුවල නිරත වන බවයි.
(lknews.lk)