තවත් ආනයනික බිත්තර මිලියන 8ක් සතොසට

December 28, 2023 - 11:22 AM
තවත් ආනයනික බිත්තර මිලියන 8ක් සතොස අලෙවිසැල් වෙත යවා ඇති බව ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාව පවසනවා. 

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ, අදාළ බිත්තර තොගය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී ඇති බවයි. 
 
එම බිත්තර අද සිට (28) සිට සතොස අලෙවිසැල් හරහා බිත්තර පාරිභෝගිකයින්ට ලබා ගත හැකි බව ද ඔහු සඳහන් කළා. 
 
උත්සව සමයේ ඇති අධික ඉල්ලුම හේතුවෙන් බොහෝ වෙළඳසැල් වල බිත්තර අවසන් වී ඇති බවත්, දිනකට බිත්තර ලක්ෂ 10 ක් ආනයනය කරන බවත් ඔහු පැවසුවා.
(lknews.lk)