වායු බැලූනයක් කඩා වැටීමෙන් 08කට දිවි අහිමිවෙයි
June 22, 2025 - 11:38 AM
බ්‍රසීලයේ වායු බැලූනයේ කඩා වැටීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම බැලූනයේ 21 දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ සෙසු 13 දෙනා රෝහල් ගතකර ඇති බවයි.
මෙම වායු බැලූනයේ එක්වරම ගින්නක් හටගෙන ඇති අතර එහි ක්‍රියාකරු විසින් බැලූනය පහළට ගෙනඒමට කටයුතු කිරීමේ දී මෙම අනතුර සිදුවී තිබෙනවා.
එහිදී එහි ගමන් ගත් පුද්ගලයින් කිහිපදෙනෙක් බැලූනයෙන් ඉවතට පැන ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)