දරුවන් පාසල තුළ ස්මාර්ට් දුරකථන භාවිතා කරන කාලය ගැන අනාවරණයක්

December 15, 2023 - 12:44 PM
සයිබර් අපරාධ විමර්ශන ඒකකයක් අලුතින් විවෘත කිරීම වාරියපොළදී සිදු කෙරුණු අතර ඊට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එක් වුණා.

එහිදී වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේ පාසල් ළමුන්ගෙන් 80%ක් විවේක කාලයේදී ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන බවට හඳුනාගෙන ඇති බවයි.

මේ අතර ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත මත්ද්‍රව්‍ය මෙහෙයුම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන්.
(lknews.lk)