මෙරට සිදු වන මරණවලින් 80% ක් ගැන විශේෂ අනාවරණයක්

December 15, 2023 - 9:40 AM
ශ්‍රී ලංකාවේ වාර්ෂික මරණවලින් 80%ක්ම බෝ නොවන රෝග සහ ඒවායේ සංකූලතා නිසා සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2021 – 2022 වසර තුළ සිදු කරන ලද සමීක්ෂණයකින් මේ බව හෙළි වී තිබෙනවා. 
 
මේ අතර වයස අවුරුදු 35 ට අඩු ජනගහනයෙන් 15% ක් දියවැඩියාවෙන් පෙළෙන අතර 35%ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව එම අමාත්‍යංශය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙනවා.
(lknews.lk)