ගෙවුණු පැය 24 තුළදී 877දෙනෙකු අත්අඩංගුවට

January 16, 2024 - 12:56 PM
දිවයින පුරා සිදුකරන යුක්තිය මෙහෙයුම යටතේ ගෙවුණු පැය 24 තුළදී පුද්ගලයින් 877දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 04ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.

එමෙන් ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 14 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 28 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

එම මෙහෙයුම්වලදී අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වනවා.

හෙරොයින් 475 g
අයිස් 501 g
ගංජා 7 kg 900 g
ගංජා පැල 3605 ක්
මාවා 305 g
මදන මෝදක 137 g
මත්පෙති 126 ක්
(lknews.lk)වනවා.