ට්‍රම්ප්ගේ තීරු බදුවලට දින 90ක විරාමයක්

April 10, 2025 - 9:44 AM
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක් එක් රටවලට අදාළව ප්‍රකාශයට පත් කරන ලද 10%ක තීරුබද්ද ක්‍රියාත්මක වීම සඳහා දින 90ක විරාමයක් නිවේදනය කර තිබෙනවා.

එම දින 90ක කාලය ලබා දී තිබෙන්නේ එක් එක් රටවලට අදාළව වෙළඳ සාකච්ඡා පැවැත්වීම සඳහායි.

නමුත් චීනය සඳහා එම සහනය අදාළ නොවන අතර ඊයේ (09) චීනයට පැනවූ 104%ක තීරු බද්ද නැවත 125%ක් දක්වා ඉහළ නංවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


(lknews.lk)