ගතවූ පැය 24 තුළ සැකකරුවන් 910ක් අත්අඩංගුවට

January 22, 2024 - 3:01 PM

ගතවූ පැය 24 තුළ දිවයින පුරා කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 910ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

එහිදී හෙරොයින් කිලෝ 65යි ග්රෑම් 300ක් ,අයිස් ග්රෑම් 136ක් සහ ගංජා කිලෝ 12යි ග්රෑම් 600ක්,ගංජා පැළ 51,146ක් සහ මත්පෙති 254ක් නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්.
(lknews.lk)