යුක්තිය මෙහෙයුමෙන් අපරාධකරුවන් 943ක් අත්අඩංගුවට

January 18, 2024 - 10:57 AM
ගත වූ පැය 24 තුළ දිවයින පුරා යුක්තියේ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 943ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 670ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 273ක් සමගින් මුළු සැකකරුවන් 943දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 670දෙනා අතරින් සැකකරුවන් 9කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, නීති විරෝධී වත්කම් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 25ක් පුනරුත්තාපනය සඳහා යොමු කර ඇති බව ද සඳහන්.

පොලිසිය සඳහන් කර සිටියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 32ක් ද අත්අඩංගුවට ගත් බවයි.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 273 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 58ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 192ක් ද සිටිනවා.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 11ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 12ක් ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින්,

හෙරොයින් 199 g
අයිස් 168 g
ගංජා 2 kg 400 g
ගංජා පැල 2,883 ක්
මාවා 382g
තූල් 45g
මදන මෝදක 141g
මත්පෙති 59 ක්
(lknews.lk)