කොළඹට පැය 15ක ජල කප්පාදුවක්

February 09, 2024 - 11:30 AM
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට සිට (10) පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පැවසුවා.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට හෙට පස්වරු 5.00 සිට ඉරිදා පෙරවරු 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම මෙලෙස අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.
(lknews.lk)