රජයේ රෝහල්වල පැය 24ක සංකේත වැඩ වර්ජනයක් අද සිට

November 02, 2023 - 10:49 AM
අද (02) ඌව පළාතේ රජයේ රෝහල්වල පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 
ඒ අනුව උදෑසන 8:00 ට මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ වනු ඇති. 
 
ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව සඳහන් කළා. 
 
අනතුරුව එළඹෙන 03 වනදා උතුරු පළාතේත්, 06 වනදා වයඹ පළාතේත්, 07 වනදා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වනු ඇති. 
 
08 වනදා වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ මධ්‍යම පළාතේ සහ නැගෙනහිර පළාතේයි. 
 
09 වනදා දකුණු පළාතේ සහ උතුරු මැද පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිතයි. 
 
රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පැවසූවේ, 10 වනදා බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල වෛදවරු මෙම වැඩ වර්ජනයට එක්වීමට නියමිත බවයි. 
(lknews.lk)