බ්‍රිතාන්‍යයේ රජ කුමරියක් ශ්‍රී ලංකාවට

December 15, 2023 - 9:18 AM

බ්‍රිතාන්‍යයේ රාජකීය කුමරිය වන ඈන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරයට සම්බන්ධ උත්සවයට සහභාගී වීම සඳහායි.

ශ්‍රී ලංකා රජය විසින් ඈන් කුමරියට මෙරට සංචාරයක නිරත වන ලෙසට ආරාධනා කර ඇති බව සඳහන්.

ඒ අනුව ඇය 2024 ජනවාරි 10 සිට 13 දක්වා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති.

ඈන් සමඟ ඇයගේ සහකරු වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් ද පැමිණීමට නියමිතයි.
(lknews.lk)
Monara