කංසා වගාවට කැබිනට් පත්‍රිකාවක්

February 05, 2024 - 1:14 PM
ඹෟෂධ නිෂ්පාදනය සඳහා කංසා වගා කිරීමට ආයෝජකයන් කැඳවීමට අදාළ නෛතික බලය ලබා ගැනීමේ කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙමඟින් අපනයනය සඳහා පමණක් කංසා වගාව නීතිගත කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වෙනවා.

කංසා වගාව මඟින් මෙරටට විශාල විදේශ විනිමයක් ඉපයිය හැකි බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවා.
(lknews.lk)