හමාස් නායකයෙක් ජීවිතක්ෂයට

March 19, 2024 - 12:26 PM
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මර්වාන් ඉසා නම් ප්‍රධාන පෙළේ හමාස් නායකයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇමරිකාව පවසනවා.

ඔහු හමාස් සංවිධානයේ නියෝජ්‍ය හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම මරණය සම්බන්ධයෙන් හමාස් සංවිධානය මෙතෙක් කිසිවක් නිවේදනය කර නොමැති බව වාර්තා වනවා.
(lknews.lk)