බදුල්ල දිස්ත්‍රික්කයේ උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්

January 09, 2024 - 1:59 PM
බදුල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ අධික වර්ෂාව හේතුවෙන් මාර්ග අවහිර වීම නිසා උසස් පෙළ සිසුන්ට බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ උදය කුමාර දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඔහු පවසන්නේ උසස් පෙළ සිසුන්ට විභාගය ආරම්භ වීමට පෙර විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙසයි.

කිසියම් මොහොතක මාර්ගය අවහිර වුවහොත් විකල්ප මාර්ග භාවිතා කරන විට අමතර කාලයක් ගතවන්න පුළුවන් බව ඔහු සඳහන් කරනවා.

මේතෙක් බදුල්ල දිස්ත්‍රික්කයේ උසස් පෙළ විභාග කටයුතු කිසිදු බාධාවකින් තොරව පැවැත්වීමට හැකි වී ඇති බව වාර්තා වනවා.

බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ පිළිබඳව මව්පියන් මෙන්ම, විභාග ශාලාවල ශාලාධිපතිවරුන් ද දරුවන්ව මේ පිළිබඳව දැනුවත් කරන ලෙසයි.
(lknews.lk)