පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදුලි සෝපානයේ සිරවෙයි

November 28, 2023 - 1:24 PM
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලි සෝපානය හදිසියේ අක්‍රීය වීම නිසා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ සහ ඔහුගේ ආරක්ෂිකයින් දෙදෙනා එහි සිර වී තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂකයන් දෙදෙනා එහි විනාඩි 25කට ආසන්න කාලයක් සිර වී සිටි බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත්, පසුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා ඔවුන්ව පිටතට ගෙන තිබෙන බව සඳහන්.
(lknews.lk)