ශ්‍රී ලංකන් ගුවන් යානයක් යළි ගොඩබස්සයි

March 19, 2024 - 5:46 PM
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් යළි ගොඩබැස්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ, කාර්මික දෝෂයක් හේතුවෙන්.

අද (19) අලුයම ඉන්දියාවේ බැංගලෝර් බලා ගමන් ආරම්භ කළ ගුවන් යානයක් මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන්ගත වී මිනිත්තු 40කට ආසන්න කාලයක් පියාසර කළ පසු එම යානය නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීමට කටයුතු කර තිබෙනවා.
(lknews.lk)