ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවක් එක් වෙයි

March 04, 2024 - 5:43 PM
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩිකාව තේරීම සඳහා වන නාම යෝජනා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම නාම යෝජනා අතරට එක් වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන කවීෂා එගොඩගේ සමත් වී ඇති බව වාර්තා වනවා.
(lknews.lk)