ටින් මාළු ආනයනයට තහනමක්

January 12, 2024 - 10:57 AM
ටින් මාලු‍ ආනයනය ඊයේ (11) දින සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නතර කර ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් ධීවර දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, දේශීය ටින් මාලු‍ කර්මාන්තය සහ මෙරට ධීවරයා ශක්තිමත් කිරීමේ අරමුණින් බව සඳහන්.

ඔහු මේ බව පැවසූවේ, ටින් මාලු‍ නිෂ්පාදකයින්ගේ සංගමය සමඟ ධීවර අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ජාවකදීයි.

මෙරට ටින්මාලු කර්මාන්තශාලා සඳහා සිය මත්ස්‍ය අස්වැන්න මිලදී නොගැනීම හේතුවෙන් තමන් දැඩි අපහාසුවට පත්ව ඇති බවට ධීවරයන් චෝදනා කර තිබෙනවා.

VAT බදු ඉහළ දැමීමත් සමඟ මිල ඉහළ යාම හේතුවෙන් කර්මාන්තශාලා හිමිකරුවන් විසින් ටින් මාලු පිටරටින් ආනයනයට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

ධීවර සංගම් ප්‍රකාශ කළේ, මෙලෙස එක් කෝටි අනූ ලක්ෂයකට අධික ටින් මාලු තොග මෙරටට ගෙන්වා ඇති බවටයි.
(lknews.lk)