ඇෆ්ලටොක්සීන් අඩංගු මිරිස් තොගයක් මෙරටදී හමුවෙයි

November 12, 2023 - 9:45 AM
ඇෆ්ලටොක්සීන් විෂ රසායනිකය අඩංගුවීම හේතුවෙන් පාකිස්තානයේ ආනයනය කළ මිරිස් තොගයක් ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නිලධාරියෙකු සඳහන් කළේ, මිරිස් කන්ටේනර් 25 ක් ඒ අතර වන බවයි.

මෙරට ව්‍යාපාරිකයින් පිරිසක් එම මිරිස් ආනයනය කර තිබූ බවද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර ආහාරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම් දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ආහාර පාලන ඒකකයේ 0112 112 718 යන දුරකතන අංකයට දැනුම්දිය හැකියි.
(lknews.lk)