ශ්‍රීලන්කන් ගුවන් සේවයට අලුත්ම ගුවන් යානයක්

December 22, 2023 - 2:05 PM
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සිය ගුවන් යානා ඇණියට තවත් නවතම යානයක් එකතු කර තිබෙනවා.

ඒ 4R-ABS ලියාපදිංචිය සහිත A320-200 ගුවන් යානයක්. 
 
මෙම යානය ගුවන් සමාගමේ කෙටි දුර ධාවනයට යොදා ගනිමින් සමස්ත මගී අත්දැකීම ඉහළ නැංවීමට සූදානම් බවයි වාර්තා වන්නේ. 
 
අලුතින් හඳුන්වා දුන් ගුවන් යානය ව්‍යාපාරික පන්තියේ ආසන 12 කින් සහ ආර්ථික පන්තියේ ආසන 138 කින් යුක්තයි.
(lknews.lk)