ඇමරිකාවේ පාලමක් කඩා වැටෙයි

March 26, 2024 - 2:57 PM
ඇමරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ patapsco ගංගාව හරහා තිබූ විශාල පාලමක් අද (26) උදෑසන කඩා වැටී තිබෙනවා.

ශ්‍රී ලංකාව බලා එමින් සිටි භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එහි ගැටීම හේතුවෙන්, සැතපුම් 1.6ක් දිගැති එම පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් පාලම කඩා වැටීම හේතුවෙන් කිසිවෙක් තුවාල ලබා නොමැති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)