මහියංගනය - මහනුවර මාර්ගයේ බස් අනතුරක්

March 25, 2024 - 5:35 PM
මහියංගනය - මහනුවර ප්‍රධාන මාර්ගයේ මැදමහනුවර වංගු දෙක නැමති ස්ථානයේදී සුඛෝපභෝගී බස් රථයක් අනතුරට ලක් වී තිබෙනවා.

එම බස් රථය අලෙවි කිරීම සඳහා කොළඹ ප්‍රදේශය වෙත රැගෙන් එමින් තිබියදී මෙලෙස අනතුරකට ලක්ව ඇත්තේ.

අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු, එහි හිමිකරු සහ තවත් අයෙක් ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත මාරු කර ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)