වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ බස් රථ අනතුරක්

March 21, 2024 - 12:13 PM
වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය කුමාරදාස හන්දියේ දී පෞද්ගලික බස් රථයක් මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරින් පාසල් ළමුන් 7 දෙනෙකු සහ බස් රථ රියදුරු ඇතුළු 15 දෙනෙක් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථයේ රියදුරුට ඇති වූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අනතුර සිදුව ඇතැයි පොලීසිය සැක පළ කරනවා.
(lknews.lk)