හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රීයවෙයි

February 13, 2024 - 3:27 PM
මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රීය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පවසනවා.

මේ හේතුවෙන් රෝගීන් 8000 ක් ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනයේ සිටින බවයි වාර්තා වන්නේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මහනුවර ජාතික රෝහලේ  හෘද කැතීටකරණ ඒකක 02ක් පවතින බවයි.

මෙලෙස එක් ඒකකයක් අක්‍රීය වීම හේතුවෙන් රෝගීන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව ඔහු සඳහන් කළා.
(lknews.lk)