බොර තෙල් මිලෙහි වෙනසක්

March 19, 2024 - 3:44 PM
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබෙනවා.

වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරන්නේ, රුසියාව සිය බොර තෙල් සැපයුම ඉහළ නැංවීමට තීරණය කිරීම, ජෙට් ඉන්ධන සඳහා ඇති ඉල්ලුම අඩු වීම සහ ඇමරිකානු පොලි අනුපාත ගැන එරට මහ බැංකු තීරණයට දින කිහිපයකට පෙර වෙළෙඳපොළ කටයුතු මන්දගාමී වීම හේතුවෙන් එසේ බොර තෙල් මිල අඩු වී ඇති බවයි.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 86.74 දක්වා ද වෙස්ට් ටෙක්සාස් (WTI) බොර තෙල් බැරලයක මිල ඩොලර් 82.03ක් ලෙස ද පහළ ගොස් තිබුණා.
(lknews.lk)