උද්ධමනයේ වෙනසක්

March 21, 2024 - 4:59 PM
2024 ජනවාරි මාසයේදී 6.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 පෙබරවාරි මාසය වන විට 5.1% ක් දක්වා අඩු වී තිබෙනවා.

2024 ජනවාරි මාසයේ දී 4.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී 5.0% ක් දක්වා වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, 2024 ජනවාරි මාසයේදී 8.5% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 පෙබරවාරි මාසය වන විට 5.1% ක් දක්වා අඩු වී තිබෙනවා.
(lknews.lk)