ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයෙන් චෝදනාවක්

December 18, 2023 - 11:03 AM
රට තුළ ලීසිං මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් මේ හේතුවෙන් කුඩා කර්මාන්තකරුවන් මෙන්ම සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අසංක රුවන් පොතුපිටිය කොළඹ ඊයේ (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියේ අනීතික ක්‍රියා සිදුවන්නේ නම් ලබන වසරේ ජනවාරි සිට ලීසිං වාරික ගෙවීමෙන් වැළකී සිටින බවයි.
(lknews.lk)