වැවක දිය නෑමට ගිය දරුවෙක් දියේ ගිලී මියයයි

October 22, 2023 - 3:48 PM

අනුරාධපුර, නුවරවැවේ දිය නෑමට ගිය වයස අවුරුදු හයක දරුවෙකු දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එම ස්ථානයේ සොරොව්ව අඩි 8 ක් පමණ ගැඹුරු නිසා දිය නෑමට නුසුදුසු බවට දැන්වීම් පුවරු ප‍්‍රදර්ශනය කර තිබිය දීයි එම දරුවා එහි දිය නෑමට ගොස් ඇත්තේ.

අදාළ දරුවා, එම ස්ථානයට සිය මව්පියන් සමග පැමිණ සිට තිබූ බවයි වාර්තා වන්නේ.
(lknews.lk)