කුළුබඩු කර්මාන්තය නැවත නඟා සිටුවීමට පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍යයි – ජනපති

November 10, 2023 - 11:47 AM

අතීතයේ මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක්ව පැවති කුළුබඩු කර්මාන්තය නැවත නඟා සිටුවීමට පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකා කුළුබඩු සංගමය වෙත ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ, ඒ සඳහා නිසි සැලැස්මක් සකස් කරන ලෙසයි.

අවශ්‍ය පහසුකම් සලසාදීමට රජය සුදානම් බවත්, පෞද්ගලික අංශයද එක් කර ගනිමින් එම වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇති අතර මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි.
(lknews.lk)