මත්ද්‍රව්‍ය අලෙවි කළ යුවලක් අත්අඩංගුවට

January 04, 2024 - 11:58 AM
වවුනියාවේ සිදම්බරපුරම් ප්‍රදේශයේ පෙම්සුව විදිමින් සිටි යුවලක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන ගිය අවස්ථාවේදී ඔවුන් මත්ද්‍රව්‍ය අලෙවි කරන යුවලක් බව අනාවරණය වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා කුළියට ගෙන තාවකාලිකව පදිංචි වී සිටි සිදම්බරපුරම් ප්‍රදේශයේ නිවසක තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 980ක් කේරළ ගංජා කිලෝවක් හා පාසල් සිසුන්ට අලෙවිකරණ මත්පෙති 300ක් එම නිවසේ තිබී හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

තරුණියගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකැට් කීපයක්ද පොලිසියට හමු වී තිබෙනවා.

සැකකාර යුවල වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සිදම්බරපුරම් පොලීසිය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)