රංජන් ජයලාල් ඇතුළු පිරිසට අධිකරණ නියෝගයක්

January 05, 2024 - 1:08 PM
ලංවිම වෘත්තීය සමිති නායක රංජන් ජයලාල් ඇතුළු පිරිසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය, මහ බැංකු සහ ගාලු මුවදොර පරිශ්‍රයට ඇතුළුවීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

එමෙන්ම චිත්තම්පලම් ඒ.ගාඩිනර් මාවතට බාධා නොකරන ලෙසද එම නියෝගයේ සඳහන්.

විදුලිබල මණ්ඩලය පුද්ගලිකකරණය කිරීමට සැරසෙන බව පවසමින් එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබෙන පසුබිමක මෙම අධිකරණ නියෝගය නිකුත් කර තිබෙනවා.
(lknews.lk)