මෙරට විශ්වවිද්‍යාලවලට සිසුන් 41,000ක් බඳවා ගැනීමට තීරණයක්

December 16, 2023 - 9:30 AM

ලබන වසර සඳහා මෙරට විශ්වවිද්‍යාලවලට සිසුන් 41,000ක් බඳවා ගැනීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ.

එම සිසුන් විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙර තමන් තෝරාගත් විෂයට අනුව මාස හතරක සමාජ සේවා කටයුත්තක නිරත විය යුතු බව සඳහන්.

ඒ සඳහා නව වැඩපිලිවෙළක් සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම, මෙරට විශ්විද්‍යාලවල මානව ශාස්ත්‍ර අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් නුදුරේදීම සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා

එමෙන්ම විශ්වවිද්‍යාලවල පරිපාලන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු එහිදී පැවසුවා.
(lknews.lk)