පාසල් අධ්‍යාපන වසර 12කට සීමා කිරීමේ තීරණයක්
December 05, 2023 - 2:13 PM
රජයේ පාසල්වල අධ්‍යාපන ශ්‍රේණි සංඛ්‍යාව 12 දක්වා අඩු කර සාමාන්‍ය පෙළ විභාගය 10 වැනි ශ්‍රේණියට සහ උසස් පෙළ විභාගය 12 වැනි ශ්‍රේණියට ගෙන ඒමට අවධානය යොමු කර තිබෙන බව අධ්‍යාපන අමත්‍යාංශය පවසනවා.
ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් යෝජනා කර ඇති පරිදියි.
එහිදී දරුවකුගේ පාසල් අධ්‍යාපන වයස අවුරුදු 17 දී අවසන් කිරීමට බලාපොරොත්තු වනවා.
එමෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා නියමිත විෂයන් සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු කිරීමට සහ එම විෂයන් 7 තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ ආගමික හා සාරධර්ම යන නව විෂයන් ත්‍රිත්වය හැදෑරීම අනිවාර්ය කිරීමට නියමිතයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පාසල පාදක කරගත් ඇගයීම්වලින් යම් ප්රතිශතයක සහ විභාගයෙන් යම් ප්‍රතිශතයක් ලෙස ලකුණු දීමේ ක්‍රමවේදයකට ගෙන එමින් ශිෂ්‍යත්ව විභාගය සරළ කර තරගකාරීත්වය අවම කිරීමටත් යෝජනා කර තිබෙනවා.
(lknews.lk)
(lknews.lk)