Tiktok සමාජ ජාලයෙන් ගීත කිහිපයක් ඉවත් කිරීමට තීරණයක්

February 02, 2024 - 2:56 PM
යුනිවර්සල් මියුසික් සමුහයේ ලේබලය යටතේ නිකුත් කළ සියලු ගීත කොටස් Tiktok සමාජ ජාලයෙන් ඉවත් කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ යුනිවර්සල් මියුසික් සමාගම හා Tiktok සමාගම අතර තිබු ගිවිසුම අලුත්කිරීමට නොහැකි වීම හේතුවෙන්.

මේ නිසා ප්‍රකට ගායන ශිල්පීන්ගේ ගීත ඉදිරියට Tiktok සමාජ ජාලයෙන් දැක ගැනීමට අවස්ථාව නොලැබෙනු ඇත.
(lknews.lk)