ඉංජිනේරුවන්ගේ අඩු වීමක්

March 10, 2024 - 6:00 PM
රාජ්‍ය සේවා ඉංජිනේරුවරුන් 520 දෙනෙකුගේ පමණ හිඟයක් පවතින බව එල්. එස්. සූරියබණ්ඩාර මහතා පවසනවා.

මේ වන විට පළපුරුදු තරුණ ඉංජිනේරුවරුන් විශාල සංඛ්‍යාවක් විදේශත වී ඇති බවත් ඔහු සඳහන් කළා.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත්පාලන ආයතන සඳහා ඉංජිනේරුවන් 1520 දෙනෙකු සිටිය යුතු වුව ද මේ වන විට සේවයේ යෙදී සිටින්නේ 1000කට ආසන්න පිරිසක් බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම ඉංජිනේරු සංගමයේ ලේකම්වරයා පවසන්නේ, වාරිමාර්ග අංශයේ ඉංජිනේරුවරුන්ගේ සියයට 60ක පමණ හිඟයක් පවතින බවයි.

ඉංජිනේරුවරුන්ගේ වැටුප් වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින විට මුදල් නොමැති බව සඳහන් කරන බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ ලේකම් එල්. එස්. සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)