බහාලුම් නිෂ්කාශනයේ ප්‍රමාදයක්
January 10, 2025 - 11:39 AM
බහාලුම් ප්‍රවාහන රථ 800ත් 1000ත් අතර ප්‍රමාණයක් වරාය තුළ රඳවා ගැනීමට සිදු වී තිබෙන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය හේතුවෙන්.
බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල සඳහන් කළේ වරාය අධිකාරියේ සහ රේගු දෙපාර්තමේතුවේ කළමනාකාරීත්වයේ පවත්නා දුර්වලතා මෙයට හේතු වී ඇති බවයි.
බහාලුම් රථ නිෂ්කාශනය කරගැනීමට ඇති තදබදය හේතුවෙන් සතියකට ආසන්න කාලයක් රියදුරන්ට වරාය තුළ රැඳී සිටීමටද සිදුවී තිබෙනවා.
එමෙන්ම වාප්පු සේවක සංගමයේ නියෝජ්‍ය සභාපති ඒ. ජේ. එම්. ජවුෆර් කියා සිටියේ මෙම ගැටලුව හේතුවෙන් ආයතන කිහිපයකට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීම හේතුවෙන් ආනයනික භාණ්ඩවල මිලද 20%කින් පමණ ඉහළ යා හැකි බවයි.
(lknews)