රිලවියන්ගේ උපත් පාලනයට උපකරණයක්

October 30, 2023 - 10:53 AM
රිලා ගහනය පාලනය කිරීම සඳහා ගැහැණු රිලා සතුන්ට ලූපයක් දැමීම කෙරෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමුව තිබෙනවා.

එම පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අතුල දන්ගොල්ල සඳහන් කළේ, මේ වන විට රිලා ගැහැණු සතුන්ගේ ඩිම්බ කෝෂවල ප්‍රමාණයන් ඇතුළු ලිංගික ප්‍රදේශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් අධීක්ෂණය කරමින් සිටින බවයි.

මෙම ගැහැණු සතුන්ට වඳ සැත්කම් කිරීමට විශාල මුදලක් සහ සැලකිය යුතු කාලයක් ගත වන බව සඳහන්.

මහාචාර්යවරයා පැවසූවේ, ඒ හේතුවෙන් රිලා ගැහැනු සතුන් අල්ලා උන්ට ලූපයක් පැළඳවීම පහසු හා වියදම් අඩු කටයුත්තක් බවයි.
(lknews.lk)